එජාපයෙන් නෙරපු පිරිසගේ නම් හෙට මැතිවරණ කොමිසමට

21

මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ගත් 54 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා.
ඒ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයකට අනුවයි.
එමෙන්ම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සහය නොදැක්වීමේ චෝදනාව මත පළාත් පාලන නියෝජිතයන් 61 දෙනෙකුද පක්ෂයෙන් ඉවත් කිරීමටයි එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත්තේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ එම පිරිසගේ නාම ලේඛණය හෙට මැතිවරණ කොමිසමට භාර දෙන බවයි.

Your Comments