එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වේ

15

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වනවා.
ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 4 ට අරලියගහ මන්දිරයේදීයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සහ ලබන මස 11 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය පිළිබද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

මේ අතර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් ඊයේ රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ද පැවැත්වු බවයි.

Your Comments