එක්දිනකදී වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව සිදු කරයි

11

එක් දිනක් තුළ මෙරට සිදු කළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (23) සිදු කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
PCR පරීක්ෂණ 1142ක් ඊයේ(24) දිනයේදී පමණක් සිදු කෙරුණු බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ.
එසේම තෝරාගත් පෞද්ගලික රෝහල්වල සහයෝගය ලබාගෙන PCR පරීක්ෂන සිදු කිරීමටද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
මේ අතර කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාත්මක ලෙස වැඩිවීමත් සමගින් PCR පරීක්ෂණ සිදු කිරීමේ කටයුතු පුළුල් කිරීමට ද අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

Your Comments