ඌව – වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලු පිඨ 21 වනදා ඇරඹෙයි

8

ඌව – වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලූම පීඨයන්හි අධ්‍යයන කටයුතු මේ මස 21 වනදා යළි ආරම්භ කරන බව එහි පාලනාධිකාරිය පවසනවා.
ඒ අනුව ලබන 20 වනදා උදෑසන අටේ සිට සිසුන්ට නේවාසිකාගාර වෙත පැමිණිය හැකියි.
පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ විශ්වවිද්‍යාලය දින නියමක් නොමැතිව වසා දැමුණා.
විශ්වවිද්‍යාල විවෘත කරන දිනය පිලිබඳ තීරණයක් ගැනීමේ බලය උපකුලපතිවරුන්ට පැවරීමටයි තීරණය කෙරුණේ.

Your Comments