ඌරුබොක්කේදී පුද්ගලයකු පැහැර ගැනේ
ඒ.පී. දයාචන්ද්‍ර - ඌරුබොක්ක

7

ඌරුබොක්ක බෙරලපනාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු කිසියම් පිරිසක් විසින් අද උදෑසන පැහැරගෙන ගොස් තිබෙනවා.

නිව්ස්24 ඌරුබොක්ක වාර්තාකරු කියා සිටියේ බෙරලපනාතර, දෙව්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සුරංග ලක්මාල් එදිරිසිංහ නමැති 45 හැවිරිදි ව්‍යාපාරිකයකු මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි.

අංක තහඩු නොමැති සුදු පැහැති වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් මෙම ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් ඇති බවයි News24 වාර්තාකරු පවසන්නේ.

සිය දරුවන් පාසලට දමා යතුරු පැදියෙන් නිවස බලා එමින් සිටයදී බෙරලපනාතර සති පොළ අසලදී මෙම පැහැර ගැනීම සිදුව තිබෙනවා.

පැහැරගත් පුද්ගලයා වෙළද ව්‍යාපාරිකයකු මෙන්ම බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන්ද කටයුතු කරනු ලබනවා.

මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලීසිය මේ වනවිට පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

 

Your Comments