ඌරුබොක්කෙන් පැහැරගත් වැවිලිකරු කොට්ටාවෙන් හමුවෙයි – සැකකරුවෝ 3ක් අල්ලයි

4

ඌරුබොක්ක – බෙරලපනාතර සමුපකාර සමිතියේ අධ්‍යක්ෂවරයා පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පැමිණි බවට සැක කෙරෙන අංක තහඩු රහිත වෑන් රථයක් ද පොලිස් භාරයට ගැනුණා.

පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා කොට්ටාව ප්‍රදේශයේ දමා ගොස් සිටියදී ඊයේ රාත්‍රියේ සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

බෙරළපනාතර සති පොළ අසළදී ඔහු ඊයේ පැහැර ගැනීමට ලක්වූයේ සිය දරුවා පාසල වෙත රැගෙන යන අතරතුර දී.

සැකකරුවන් පැමිණි වෑන් රථය කොට්ටාව ප්‍රදේශයේ මෝටර් රථ කුලියට ලබාදෙන ස්ථානයක තිබියදි පොලීසිය විසින් අද සොයා ගෙන තිබුණා.

ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව ඇති වූ ගැටළුවක් අදාළ පැහැර ගැනීමට හේතු වී ඇති බවටයි සැකපල කෙරෙන්නේ.

මේ, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා….

Your Comments