උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර අද සිට ඇරඹේ

7

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ තුන්වන අධියර අද ආරම්භ වනවා.

අද සිට ලබන මස 08 වනදා තෙක් එය සිදුකෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

මේ අතර උසස්පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට නොවැම්බර් 06 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව ගෘහ ආර්ථික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස 19 වනදා සිට 26 වනදා දක්වා පැවැත්විමට නියමිතයි.

නර්තනය, සංගීතය, නාට්‍යය හා රංග කලාව යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ අද සිට ලබන මස 06 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරික්ෂණ ලබන සෙනසුරාදා සිට ඔක්තෝබර් 09 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

Your Comments