උසස් පෙළ ප්‍රථමයා ගැන විභාග කොමසාරිස් පැහැදිලි කරයි

179

උසස් පෙළ විභාගයේ Z ලකුණ හෝ දිස්ත්‍රික් හෝ දිවයින්තරාව ගණනයේ දී අපේක්ෂකයා පාසල් ද, පුද්ගලික ද යන්න සලකා නොබලන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සුදුසුකම මිස, පාසල් හෝ පුද්ගලික අපේක්ෂකභාවය නොසලකන බවයි.

උසස් පෙළ විභාගයේ කළා අංශයේ දිවයිනේ ප්‍රථමයා ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවට පත්වීම සංසන්ධනාත්මකව ප්‍රකාශයට පත් කිරීම නිදහස් අධ්‍යාපනයට බලවත් පහරක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් සමාජයේ දැඩි කතා බහට ලක්ව තිබෙනවා.

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වන ඔහුගේ ප්‍රකාශය, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණා. (එම නිවේදනය පහතින් ම ඇතුළත්)

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා අද (03) මාධ්‍යට නිකුත් කළ පැහැදිලි කිරීම පහතින්….

අධ්‍යාපන අමාත්‍ය අකීල් විරාජ් කාරියවසම් මහතාගේ නිවේදනය පහතින්…

Your Comments