උපන් මොහොතේ දී බිළිඳා ඝාතනය කළ මවක් අත්අඩංගුවට

11

උපන් මොහොතේ දී බිළිදෙකුගේ මුව වසා ස්වසනය අවහිර කර ඝාතනය කළ බව කියන මවක් බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල වේවැස්ස වත්තේ පදිංචි 36 හැවිරිදි අවිවාහක කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

මිය ගියබිළිදා සහ මව නිවැසියන් විසින් බදුල්ල මහරෝහලට රැගෙන විත් තිබුණා.

සැකකාරිය පළමුව පවසා ඇත්තේ බිළිදා උපන් මොහොතේ දී අසනීප වී මිය ගිය බවයි.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරික්ෂණයේදී එය අසත්‍ය බව අනාවරණ වී තිබෙනවා.

මරණය හුස්ම හිරකිරීමකින් සිදුව ඇති බවටයි බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා තහවුරු කර ඇත්තේ.

අනතුරුව සැකකාරිය විසින් එය පිළිගත් බව සඳහන්.

එම කාත්නාව බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර බදුල්ල වැඩබලන මහේස්ත්‍රා නියෝග කර ඇත්තේ ලබන 16 වනදා දක්වා ඇය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

Your Comments