ඊශ්‍රායල් රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙක් දැලේ

30

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි සහබ්දීන් මොහොමඩ් නවුෂාඩ් නමැති පුද්ගලයෙකි. මොහු බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් විදේශ ගත කිරීම සඳහා නීති විරෝධී අයුරින් මුදල් ලබාගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුදල් ලබාගත් බවට සැකකරු විසින් පුද්ගලයින් වෙත නිකුත් කරන ලද ගිවිසුම් පත් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු පුස්සැල්ලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙන අතර ඔක්තෝබර් මස 26 වන දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝග කර තිබෙනවා.

Your Comments