ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි
රංජිත් රාජපක්ෂ - හැටන්

35

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රිය වාන් දොරටුව අද උදැසන සිට ස්වයංක්‍රියව විවෘත වි තිබෙනවා.
අධික වර්ෂාවත් සමඟ කොත්මලේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර වාන් දොරටුව ස්වයංක්‍රියව විවෘත වි ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවේ.
ඒ අනුව ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සහ එහි ජලය පරිහරණය කරන ජනතාව සැලකිලිමත්ව සිටින ලෙස ද එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටිනවා.
මේ අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලටද ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ එම ජලාශ දේකේම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව සදහන්.

Your Comments