UPDATE: යළි රාජ්‍ය අමාත්‍ය ධූරවල ධූරයන්හි දිවුරුම් දෙයි

12

රාජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මොහෙමඞ් කාසිම් මොහොමඞ් ෆයිසාල් සහ අලි සහීර් මවුලානා සෙයිඞ් යන මහත්වරුන් අද නැවත රාජ්‍ය අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන්නා.

ඒ, ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දීයි.

ඒ අනුව මොහොමඞ් කාසිම් මොහොමඞ් ෆයිසාල් මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

අලි සහීර් මවුලානා සෙයිඞ් මහතා, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

——-

ඉල්ලා අස් වූ තවත් මුස්ලිම් මන්ත්‍රීවරු දෙදෙනෙකු යළි ඇමති ධුර ගැනීමේ තීරණයක

රාජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු යළි ඇමති ධුර ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ පෙරවරුවේ පැවති එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී යි.

ෆයිසාල් කාසිම් සහ අලි සහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙලෙස යළි ඇමති ධූර භාර ගැනීමට සූදානම් බව සඳහන්.

ඔවුන්ට අද දිනයේදී ජනාධිපති නිල නිවස වෙත කැඳවීමක් ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයක නිරත වීමත් සමඟයි ආණ්ඩුව නියෝජනය කළ සියළු මුස්ලිම් අමාත්‍යවරුන් පසුගිය දා තනතුරුවලින් ඉල්ලා අස්වුණේ.

කෙසේ වෙතත්, අනතුරුව මන්ත්‍රීවරුන් රැසක් අදාළ අමාත්‍යධූරවල යළි දිවුරුම් දුන්නා.

නමුත් ෆයිසාල් කාසිම් සහ අලි සහීර් මවුලානා යන මන්ත්‍රීවරුන් දෙදෙනා අමාත්‍ය ධූර භාරගත්තේ නැහැ.

Your Comments