ඉල්ලා අස් වුවත් යළි අමාත්‍ය ධුර ලබා ගැනීමට සාකච්ඡා

21

මහනාහිමිවරුන් කළ ඉල්ලීම අනුව යළි අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට එම ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙනවා.

ඉදිරි සතියේ රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

පැවැති අර්බුදකාරී වාතාවරණයත් සමඟ ආණ්ඩුව නියෝජනය කළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය මුස්ලිම් අමාත්‍යවරුන් 09 දෙනා ඉල්ලා අස් වූයේ පසුගිය 03 වනදායි.

නමුත් යළි අමාත්‍ය ධුර භාර ගන්නා ලෙස ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන් ඉල්ලීමක් සිදුකළා.

මේ අතර, හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා ද මේ සම්බන්ධයෙන් අද අදහස් පළ කළා.

ඒ, අස්ගිරි පාර්ශවයේ මහානායකහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

Your Comments