ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සභාපතීත්වයට නැවතත් මාවෙයි සේනාධිරාජා පත්කෙරේ

10

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සභාපතීත්වයට නැවතත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා තේරීපත්ව තිබෙනවා.
ඒ, ඊයේ පැවති පක්ෂයේ 16 වන මහා සභාවේදීයි.
ඉංලගෙයි තමිල් අරසු පක්ෂයේ අනුශාසක ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා කටයුතු කරනු ලබනවා.
පක්ෂයේ ලේකම් ලෙස නැගෙනහිර පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය කේ.තුරෙයිරාජසිංහම් මහතා නැවතත් පත්කර ඇති බව සඳහන්.
පක්ෂයේ ඉදිරි ක්‍රියාවලිය අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායාරූප : මාධව කුලසූරිය – වවුනියාව

Your Comments