ඉන්ධන මිල ඉහළට

13

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරිම සම්බන්ධයෙන් තිරණය කරන කමිටුව ඊයේ පස්වරුවේදී මුදල් අමාත්‍යාංශයේදී රැස් වුණා.
එහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පිරවුම්හල් වල මෙතෙක් රුපියල් 123 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 129 ක්.
මෙතෙක් ලීටරයක් රුපියල් 147 ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 5 කින්.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 152 ක් වනවා.
මේ අතර රුපියල් 99 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් ඉහළ දැමීමත් සමග එහි ලීටරයක නව මිල රුපියල් 103 ක්.
මීට අමතරව රුපියල් 118 ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8 කින් ඉහළ දමා තිබෙනවා.
සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 126 ක් වනවා.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ ජාත්‍යන්තර වෙළඳ පොලේ බෙරතෙල් මිල හා සැසදීමේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 9.59 කින් ඉහළ දැමිය යුතුව තිබූ බවයි.
කෙසේ වෙතත් ජනතාවට සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට අයහපතක් නොවන අයුරින් ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් පමණක් ඉහළ දැමීමට කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ දැල්වෙන්නේ.


Your Comments