ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑ තිදෙනෙකු අත්අඩංගුවට

12

ඉන්ධනහලක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නිට්ටඹුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිට්ටඹුව ප්‍රදේශයේම පදිංචි 23, 30 සහ 40 හැවිරිදි වියේ පසුවන්නන්.

ඔවුන් පසුගිය අප්‍රේල් 28 වනදා නිට්ටඹුව හොරගොල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක තිබූ රුපියල් හාරලක්ෂ පනස් දහසක මුදලක් කොල්ලකා තිබූ බව සදහන්.

ඔවුන් කොල්ලකෑමට භාවිතා කළ උපකරණ තොගයක් සමග කොල්ලකෑමෙන් ලබා ගත් මුදල් උපයෝගී කරගෙන මිලදී ගත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Your Comments