“ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවල බිඳ වැටීමක්” – මහින්ද පෙන්වාදෙයි

9

2014 වසරේ ඉන්දීය ආණ්ඩු පෙරළියත් සමඟ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල බිඳ වැටීමක් සිදුවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

එහිදී රජයන් දෙක අතර ක්‍රියාකාරී සබඳතා වෙනස් වූ බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

එමෙන්ම සන්නිවේදනයේ සිදු වූ දුර්වලතා නිසා අනවබෝධයක් ඇති වූ බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියා.

ඉන්දියාවේ බැංගලෝර්හී දී අද ආරම්භ වූ සමුළුවක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

ද හින්දු පුවත්පත විසින් මෙය සංවිධාන කර තිබූ අතර, සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වූයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ 1980 දශකයේදී ද දෙරට අතර මතභේදකාරී වාතාවරණයක් පැන නැගුණු බවයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා දෙරටටම බලපෑ බවත්, අතීතයේ වැරදිවලින් පාඩම් ඉගෙන ගනිමින් ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කර සිටියා.

Your Comments