ඉන්දුනීසියාවේ සුනාමියෙන් විපතට පත්වූවන්ට ජනපති සොව පළ කරයි

24

ඉන්දුනීසියාවට බලපෑ හදිසි සුනාමි තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට සහ එරට රජයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ශෝකය පල කර තිබෙනවා.
ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ වෙත ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම අසා තමා දැඩි ලෙස කම්පාවට පත් වු බවයි.
ජීවිත සිය ගණනක් විනාශ කරමින් සහ බරපතළ දේපල හානී සිදුකරමින් පසුගිය 28 වන දින ඉන්දුනීසියාවේ මධ්‍යම සුලාවෑසි, ඩොන්ගාලා ප්‍රදේශයට හදිසි සුනාමි තත්ත්වයක් හට ගත්තා.
විපතට පත් සියලු දෙනා වෙත ශ්‍රී ලංකා රජයේත් ජනතාවගේත් දැඩි සංවේගය පිරිනමන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ.
මෙම අසීරු අවස්ථාවේ ඉන්දුනීසියාව  සමඟ ශ්‍රී ලංකාව ද අත්වැල් බැඳගෙන සිටින බව ද එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

 

Your Comments