ඉන්දික ගිනිගේ ගේ අවසන් කටයුතු හෙට

150

යොවුන් රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට මහනුවර – මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු ඔහු ඊයේ රාත්‍රියේ මිය යන විට 37 වන වියේ පසුවුණා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව ඔහුගේ දේහය මේ වන විට මහනුවර පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

විවාහකයෙකු වන ඉන්දික ගිනිගේ මහතා අවුරුදු 07ක දියණියකගේ පියෙක්.

සිනමා, ටෙලිනාට්‍ය හා ගායන ශිල්පීයකු වන ඔහු කලක සිට රෝගී තත්ත්වයෙන් පසුව ඇති බවටයි වාර්තා වන්නේ.

Your Comments