ඉදිරි ආණ්ඩුව පිහිටුවීම ගැන කථානායකගෙන් විකල්ප 3 ක්

11

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැදවා මේ සතියේදී තීරණයක් ගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා.
කථානායක කාර්යාලය සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා මෙන්ම සෙසු පක්ෂ නායකයින්ද කතානායකවරයා සමඟ සාකච්ජා කර ඇති බවයි.
රටේ පාලනය පිළිබඳව පැහැදිලි ජන මතයක් ප්‍රකාශ වී ඇති බැවින් ඒ අනුව ක්‍රියාකළ යුතු බව එහිදී බොහෝ දෙනෙකු සඳහන් කර ඇත්තේ.
මෙහිදී විකල්ප ක්‍රියාමාර්ග 03ක් සම්බන්ධයෙන් සාකච්ජා වී තිබෙනවා.
ඒ අනුව ව්‍යවස්ථානුකූලව ලබන වසරේ මාර්තු 01 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මාසයේ මහමැතිවරණය පැවැත්වීම එක් යෝජනාවක්.
මන්ත්‍රීවරුන් ස්වේච්ඡාවෙන් තුනෙන් දෙකක බහුතරය ලබාදී පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයකට යාම අනෙක් යෝජනාව වනවා.
අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය කැමැත්තෙන් ඉවත් වී මහමැතිවරණයකට එළඹෙන තුරු භාරකාර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නව ජනාධිපතිවරයාට ඉඩ සැලසීම තවත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇති බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.

Your Comments