ඇවන්ට්ගාඩ් සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

4

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද ප්‍රතික්ෂේප කළා.

NEWS24 අධිකරණ වාර්තාකරු පැවසුවේ ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳි සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඩුල්ල විසින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

එමෙන්ම, නඩුව යළි දෙසැම්බර් මස 03 වැනිදා කැඳවීමට ද අධිකරණය නියම කළා.

නීත්‍යානුකූල නොවන අන්දමින් ඇවන්ගාඞ් නෞකාවේ ස්වයංක්‍රීය ගිනි අවි සහ ජීව උණ්ඩ ගබඩා කර තබා ගැනීම ඇතුළු අධිචෝදනා 7573 ක් යටතේ පවරා ඇති නඩුවේ 07 වන විත්තිකරු ලෙසයි නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිව නඩු පවරා ඇත්තේ.

Your Comments