ඇමැති ප්‍රසන්නට සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් දක්වා කල්යයි

22

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
2015 වසරේ කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරුබිමක් ගොඩකර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට අදාල කටයුතු ඉටු කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 63ක මුදලක් ලබාගැනීමට කුමන්ත්‍රණය කළ බවටයි ඔවුන්ය චෝදනා එල්ල වන්නේ.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

Your Comments