ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 2908 දෙනෙක් අත්අඩංගුවට
රථ වාහන 748ක් පොලිස් භාරයට

13

කොරෝනා වෛසරය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පසුගිය 20 වැනිදා සවස හයේ සිට දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු ඊයේ(25) සවස හය දක්වා කාලයේදී පුද්ගලයන් 2908 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ ඊයේ(25) දහවල් 12 සිට සවස 6 දක්වා ගත වූ පැය 6ක කාලයේදී පමණක් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 111 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බවයි.
එසේම එම කාලසීමාවේදී වාහන 19ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පසුගිය 20 වැනිදා සවස හයේ සිට ඊයේ(25) දක්වා වූ කාල සීමාවේදී රථ වාහන 748ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Your Comments