ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 1245ක් පැය 24ක් තුළ අත්අඩංගුවට

21

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පසුගිය මාර්තු මස 20 වැනිදා පස්වරු හයේ සිට දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව අද(05) උදෑසන හය දක්වා කාලයේදී ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 13468 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය පවසනවා.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ එම කාලයේදී රථ වාහන 3353ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
එසේම ඊයේ(04) උදෑසන හයේ සිට අද(5) උදෑසන හය දක්වා වූ පැය විසි හතරක කාලයේදී පුද්ගලයන් 1245 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාලයේදී පොලිස් භාරයට ගැනුණු රථ වාහන සංඛ්‍යාව 336ක්.

Your Comments