ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 118 දෙනෙකු අත්අඩංගුවට

42

කොරෝනා වෛසරය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඊයේ(20) සවස 6.00 සිට පනවන ලද ඇඳිරි නීතිය කාලයේ අද(21) පස්වරු 6 දක්වා කාලය තුළදී දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීතිතය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මින් වැඩි පිරිසක් මාර්ගයේ නිකරුණේ ගමන් ගැවසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එසේම ක්‍රිඩාපිටියක පිරිසක් වශයෙන් එක් රැස්ව මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලාවක් විවෘත තබා ගැනීම, බීමත්ව මාර්ගයේ අශෝබන ලෙස හැසිරීම සහ වෙළඳාම් කිරීම යන වැරදි සම්බන්ධයෙන් සෙසු පිරිස් අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසි වැඩිදුරටත් පවසන්නේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සම්බන්ධයෙන් ඒ ඒ පොලිස් ස්ථානවලින් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ.

Your Comments