ඇන්ටනොව් යානයක් මත්තලට ගොඩ බස්වයි

55

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ ඒ එන් 124 ගුවන් යානය අද මත්තල ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබෙනවා.

අලුයම 01යි 34ට පමණ එම යානය ගුවන් තොටුපොලට ගොඩබැස්සවූ බවයි නිව්ස් 24 ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට ගොඩබස්වා ඇත්තේ 10 වෙනි වාතාවටයි.

ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව යානය රුසියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

Your Comments