ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ඇරඹෙයි

21

කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය අද ආරම්භ වුණා.
පෙරවරුවේ බදුල්ල දුම්රිය ස්ථානයෙන් මහනුවර බලා මෙලෙස පිටත් වූයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
දුම්රියේ ගමන් කිරීමට පැමිණි මගීන් පිරිසක් හේතුවෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ ඊයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අතර ඊයේ දිනයට සාපේක්ෂව වැඩි බස් ප්‍රමාණයක් අද ධාවනයට යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ධාවන ඒ. එච්. පණ්ඩුක මහතා මේ බව සඳහන් කළා.
මේ අතර, පෞද්ගලික බස් රථ ද ඊයේ දිනයට වඩා වැඩි ප්‍රමාණයක් අද ධාවනයට යෙදවෙනු වෙතැයි අපේක්ෂා කෙරෙනවා.
කෙසේවෙතත් බස් රථ සඳහා ප්‍රමාණවත් මගින් නොමැති බවටයි පෞද්ගලික බස් රථ හිමියන් ප්‍රකාශ කළේ.

Your Comments