ආසාදිතයන් 213ක් සුවය ලබයි

25

ආසාදිතව සිටි 16 දෙනෙක් අද සුවය ලබා නිවෙස්වලට පිටත්කර හැරි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

මෙරට රෝගීන් 213 දෙනෙකු ඒ අනුව මේ වන විට සුවය ලබා තිබෙනවා.

කෙසේ වෙතත් තවත් පුද්ගලයින් 554ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල පසුවන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

අද (05) පස්වරු 6.55 වන විට හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් ගණන 09ක්.

ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 760ක් දක්වා ඉහළ ගියා.

මේ අතර මෙරට කොවිඩ් 19 වෛරස අසාදනයෙන් සිදු වූ නව වැනි මරණය අද දහවල් වාර්තා වුණා.

52 හැවිරිදි පස්දරු මවක් වන ඇය කොළඹ 15 මෝදර මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිව සිටියා.

ඇය ඊයේ (04) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව අයි.ඩී.එච් රෝහලට මාරු කර යවා තිබෙනවා.

එහි දී ඇය මිය ගිය බවයි වාර්තා වූයේ.

එම කාන්තාව මසකට ආසන්න කාලයක් ස්වසන රෝගයකින් පීඩා විඳ තිබුණා.

කෙසේ වෙත්ත කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ දී.

අද දහවල් 12.50 ට පමණ මියගිය ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරුවේ කොටිකාවත්ත ආදාහනාගාරයේදී සිදුකෙරුණා.

ඇයගේ සැමියා හා දරුවන් පස්දෙනාගේ ජෛව සාම්පල ද අද ලබා ගත්තේ පී.සී.ආර්. පරීක්ෂණය සඳහායි.

වැඩිමල් පුත්‍රයා විවාහ වීමට සූදානම්ව සිටින එම ප්‍රදේශයේම රන්දිය උයන නිවාස සංකීර්ණයේ පදිංචි තරුණියගේ පවුලේ සාමාජිකයින්ගේ ද ජෛව සාම්පල ලබාගැනීම ට කටයුතු කෙරුණා.

පවුල් දෙකෙහි පුද්ගලයින් පහලොස් දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ බවද සෞඛ්‍ය අංශ සඳහන් කළා.

Your Comments