ආමි සමන්ත රඳවා ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර

45

අත්අඩංගුවට ගත් බාලසිංහ පේලිගේ සමන්ත හෙවත් ආමි සමන්ත නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් පොලීසියට අවසර ලබාදී තිබෙනවා.
ඒ, ඔහු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන ආමි සමන්ත නැමැත්තා රුපියල් ලක්‍ෂ විසිහයක් පමණ වටිනා හෙරොයින් සමඟ පසුගිය 19 වන දා අත්අඩංගුවට ගනු ලැබුවේ දිවුලපිටිය බඩල්ගම – කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී.

මත්කුඩු ජාවාරම් හා අපරාධවල නිරත සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ ‘ආමි සමන්ත’ නැමැත්තා සන්තකයේ තිබී යුද හමුදා නිල ඇඳුමක බඳපටියක්, තොප්පියක්, හමුදා නිල ඇඳුම සමඟ භාවිත කරන බෑගයක් ද විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබුණා.

‘ආමි සමන්ත’ නැමැත්තා ‘මාකඳුරේ මධුෂ්’ හා ‘දූනගහ සුජී’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගෙන් සමීපතමයෙකු බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

සැකකරු ඔවුන් සමග එක්ව මිනීමරුම්, කොල්ලකෑම්, මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ රැසක් කර ඇති බවත් එම අපරාධ සම්බන්ධයෙන් නඩු පවතින බවත්
වසර 14ක් පමණ බන්ධනාගාර ගතව සිටි පැමිණි පුද්ගලයකු බවත් සඳහන්.

Your Comments