ආමි අසංක අල්ලයි

37

පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කුරණගේ ධනුක මධුශංඛ පෙරේරා හෙවත් ‘ආමි අසංක’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්කුඩු අලෙවි කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

රාගම නගරයේදී අත්අඩංගුවට ගත් ඔහු යුද හමුදාවෙන් පළා ආ අයෙකු බව සඳහන්.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 200ක් සහ යුද හමුදාව භාවිත කරනු ලබන කැළෑ නිළ ඇඳුම් කට්ටලයක් ද සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Your Comments