ආපදා දන්වන්න දුරකතන අංක 2ක් මෙන්න

13

ප්‍රදේශ කිහිපයකට බලපෑ අධික වැසි සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 5000ක් පමණ පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පුද්ගල මරණ 7ක්ද වාර්තා වී ඇති බවයි.

නායයාමේ අවදානම….

මේ අතර, ඕනෑම ආපදා තත්වයක් පිළිබද තොරතුරු දැනුම්දීම සදහා දුරකථන අංක දෙකක් ද පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 011245 45 76 සහ 0112 58 72 29 අමතා ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය හැකියි.

මේ අතර, දිවයින හරහා සහ දිවයිනට වයඹ, බස්නාහිර නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින තද සුළං තත්ත්වය අද දිනයේදීත් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ, කාළගුණ තත්ත්වය පිළිබද පැහැදිලි කරන කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා.

Your Comments