ආනයනික අපද්‍රව්‍ය වෙනත් ප්‍රදේශයකට රැගෙනයාම වළක්වන අතුරු තහනම යළි දිගු කරයි

4

ආනයනය කර ඇති අපද්‍රව්‍ය සහිත කැළිකසල දිවයිනේ වෙනත් ප්‍රදේශයකට රැගෙනයාම වළක්වමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 21 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කළ බවයි NEWS24 අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම අභියාචනාධිකරණය රජයේ රස පරික්ෂකවරයාට මෙහිදී නියෝග කළේ, මේ වන විට කොළඹ වරාය පරිශ්‍රය හා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇති අපද්‍රව්‍ය සහිත කැළිකසල අඩංගු සෑම කන්ටේනරයකින්ම සාම්පල් ලබාගෙන රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ නඩුව ලබන 21 වනදා යළි කැඳවීමට නියමිතයි.

Your Comments