ආණ්ඩුවේ නොහැකියාව වසාගැනීමට මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටිනවා

1

ආණ්ඩුවේ නොහැකියාව වසාගැනීම සඳහා අද වන විට මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කලා.
ඒ ගාල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින්.

කෙසේ වෙතත් පසුගිය යහපාලන ආණ්ඩුව මෙන් වත්මන් රජයේ කිසිදු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී මාධ්‍ය සංදර්ශන පවත්වා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා.
ඒ හම්බන්තොට දී මාධ්‍යයට අදහස් දක්වමින්

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට හෝ පුද්ගලයෙකුට යම් බලපෑමක් කර ඇත්නම් ඒ සම්බන්ධ පියවර ගත යුත්තේ පොලීසිය බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඒ මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Your Comments