ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපති කාර්යාලයට

6

සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට තම ධුරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති කාර්යාලය දැනුම්දී තිබෙනවා.
ඒ අනුව ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙක්ම අද දිනයේදීම තම ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත යොමු කළ බවයි ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙක් කියා සිටියේ.
ඒ.ජේ.එම්. මුසම්මිල්, සරත් ඒකනායක, ශාන් විජයලාල් ද සිල්වා, මෛත්‍රී ගුණරත්න, කීර්ති තෙන්නකෝන්, හේමාල් ගුණසේකර, පේෂල ජයරත්න, ධම්ම දිසානායක සහ ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට මාස කිහිපයකට පෙර පත් කරනු ලැබුවා.

 

Your Comments