අසත්‍ය ප්‍රකාශ ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

13

රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරිම හා ඇඳිරි නීතිය පැණවිමට කටයුතු කරන බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් රට තුළ කොවිඞ් නයින්ටීන් ආසාදිතයින් වාර්තාවිමත් සමගයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තු සදහන් කලේ ඇතැම් පාර්ශව විසින් එම අසත්‍ය ප්‍රකාශ අඛණ්ඩව සමාජගත කරමින් සිටින බවයි.
රට තුළ වෛරස ආසාදිතයන් ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාවට නංවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කෙසේ වෙතත් රජය විසින් මේ දක්වා නිවාඩු දින ප්‍රකාශයට පත්කිරිමට හෝ ඇඳිරි නීතිය පැණවිම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සඳහන්.
එවැනි අසත්‍ය ප්‍රචාර සමාජ ගත කරමින් සමාජය තුළ අනවශ්‍ය කැළඹිමක් ඇති කිරිමට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස රජය අදාල අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

Your Comments