අවවාදය මෙන්න – විමසිලිමත් වන්න!

84

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදත් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ හෙට දිනය වෙනුවෙන්.

ඉන් දක්වා ඇත්තේ වයඹ පළාත සහ මන්නාරම, කිළිනොච්චිය, මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ ‘දැඩි අවධානය’ යොමු කළ යුතු බවයි.

ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයයන් යොදා ගනිමින් උණුසුම් දර්ශකය (Heat Index) ගණනය කර තිබෙනවා.

එම දර්ශකය අනුව මිනිස් ශරීර සෞඛය තත්වයට විය හැකි බලපෑම සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සහයෝගය සහ උපදෙස් අනුව සකසා ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Your Comments