අවන්හලක පිටුපසින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි
ප්‍රියංකර කළුපහන - පුත්තලම

53

පුත්තලම තිල්අඩිය රත්මල්යාය ප්‍රදේශයේ අවන්හලක් පිටුපස තිබී මෝටාර් සඳහා යොදා ගන්නා උණ්ඩයක් සහ ස්වයංක්‍රිය ආර්.පී.ජී. උණ්ඩ සඳහා යොදා ගන්නා උපාංග රැසක් සායා ගැනීමට පුත්තලම පොලිසිය සමත්ව තිබෙනවා.
ප්‍රදේශවාසියකු විසින් පොලිසියට කළ දැනුම්දීමකට අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට හැකියාව ලැබුණු බවයි නිව්ස්24 වාර්තාකරු පවසන්නේ.
අදාළ පුපුරණ ද්‍රව්‍ය මීට පෙර රැගෙනවිත් මෙම ස්ථානයට දමා ගොස් ඇති බවට පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
ඒවා මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින අබලි ද්‍රව්‍ය ඝනයට අයත් බවත් පොලිසිය සැක පළ කරනවා.
විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් එම උණ්ඩ නිෂ්ක්‍රීය කටයුතු කළ අතර එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ පුපුරණ ද්‍රව්‍ය අක්‍රීය වී ඇති බවයි.
කෙසේ වෙතත් එම ද්‍රව්‍ය කොටස් රැගෙන යාමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබෙනවා.

Your Comments