අලුත් අවුරුදු සමයේ අනතුරු වළක්වාගැනීමට රථ වාහන පොලිස් නිලධාරීන් 8000ක්

25

අලුත් අවුරුදු සමයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 8000 ක් යොදවා දිවයින පුරා මෙහෙයුම් සිදුකරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
මෙම මෙහෙයුම්වලදී බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා ස්වසන වායු උපකරණ 25,000 ක් මෙරට ගෙන්වා ඇති බවයි හෙතෙම කියා සිටියේ.
අද දිනයේ එම උපකරණ පොලිස් ස්ථාන වෙත බෙදා හරින බවද අජිත් රෝහණ මහතා සදහන් කළා.
මේ අතර උත්සව සමය තුලදී තැපෑල මගින් සිදු කෙරෙන භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු කඩිනම් කරන්නැයි තැපැල් අමාත්‍ය එම් එච් ඒ හලීම් මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ඒ, ප්‍රමාදයකින් තොරව ජනතාවට අවශ්‍ය සේවය ලබාදීමේ අරමුණින්.
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී තැපෑල හරහා භාණ්ඩ වැඩි වශයෙන් යොමු වීම සැලකිල්ලට ගෙනයි අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ.
මේ අතර, උත්සව සමය වෙනුවෙන් ආරම්භ කළ විශේෂ ප්‍රවාහන සේවා අද දිනයේත් ක්‍රියාත්මක වනවා.
නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසුවේ ජනතා අවශ්‍යතාවය පරිදි ප්‍රවාහන සේවා සැලසුම් කර ඇති බවයි.

Your Comments