අලුත්කඬේ අධිකරණ පරිශ්‍රයේදී මත් කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

68

කොළඹ – අලු‍ත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ රැඳවියෙකුට මත්කුඩු ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කෙසෙල්වත්ත දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක්.

Your Comments