අලි රොෂාන්ට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

5

සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල දින නියම කර තිබෙනවා.
බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු ලග තබා ගෙන ජාවාරම් කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ලවන්නේ.
ඒ අනුව අදාළ නඩුව දෙසැම්බර් මස 12 වන දා විභාගයට ගැනීමට විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කරනු ලැබුවා.

Your Comments