අරුවක්කාලු කසළ අංගනයට කසළ රැගෙන ගිය ටිපර් රථ 4කට පුත්තලමේදී ගල් ප්‍රහාරයක්

14

කොළඹ සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 4කට පුත්තලම නගරය ආසන්යේදී අද අලුයම ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පෙරේදා අලුයම ද අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය කළ ටිපර් රථවලට ගල් ප්‍රහාරයක් එල්ල වුණා.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිව්දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

අද අලුයම එල්ල වූ ගල් ප්‍රහාරයෙන් ටිපර් රථ දෙකක ඉදිරිපස වීදුරුවට සහ එක් ටිපර් රථයක වම් පස දොරට මෙන්ම අනෙක් ටිපර් රථයේ වම් බඳ ප්‍රදේශයට හානි සිදුව ඇති බව සඳහන්
ගල් ප්‍රහාරයට ලක්වූ ටිපර් රථ නොනවත්වා අරුවක්කාලු කසල අංගනය දක්වා ධාවනය කර ඇති අතර, පසුව ඔවුන් ආපසු පැමිණෙන අතරතුර පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

Your Comments