අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට අදාල ලේඛන සිංගප්පුරුවට

4

මහබැංකු බැදුම්කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලේඛන සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.
අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය අගෝස්තු 9 වනදායි.
ඒ අනුව විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපි ගොනු විදේශ අමාත්‍යාංශය හරහා සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව අදාළ ලේඛන සහ ඉල්ලීම් සිංගප්පුරුවේ නීතියට අනුකූලද යන්න පරීක්ෂා කරමින් සිටින බවයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා ප්‍රකාශ කළේ.
මේ සදහා නිරන්තරයෙන් විද්‍යුත් පණිඩුව හරහා තොරතුරු හුවමාරු කරන බවද හෙතෙම ප්‍රකාශ කලා.
මේ අතර මෙම නඩුවේ හයවන විත්තිකරු වන ජෙෆ්රි ඇලේෂියස් නැමැත්තාට රුපියල් ලක්ෂ 25 ක අමතර ඇපකරුවන් දෙදෙනෙකු යටතේ මසක කාලයකට විදේශගතවීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දුන්නා.

Your Comments