අයි.ඕ.සී ඉන්ධන මිල පහළට

22

ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන වර්ග දෙකක මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක හා යුරෝ ත්‍රී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කළ බවයි එම සමාගම සඳහන් කළේ.

කෙසේ වෙතත් එම සමාගමේ සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය කර නැහැ.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකිරීමට ඊයේ පස්වරුවේ රැස් වූ ඉන්ධන මිල කමිටුව තීරණය කර තිබෙනවා.

ඉන්ධන මිල කමිටුව සෑම මසකම 10 වනදා රැස්වී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝදනයක් සිදු කරන අතර පසුගිය මාසයේ 10 වනදා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියලකින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කෙරුණා.

සුපිරි ඩීසල් ලීටරයක මිල ද එහිදී රුපියල් 2කින් අඩු කිරීමටයි පියවර ගැණූනේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක වත්මන් මිල රුපියල් 137 ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 161ක්.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 132ක් ලෙසයි සටහන් වන්නේ.

Your Comments