අයිස් මත් ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් හිදී අත්අඩංගුවට

30

රුපියල් 1,75,000ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

එහිදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් – හේනමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක්.

Your Comments