අයහපත් කාළගුණයෙන් දෙදහසකට පීඩා – දිස්ත්‍රික්ක 3කට අනතුරු ඇඟවීම්

11

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 2000කට අධික පිරිසක් පීඩාවට පත් ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඉන් අවතැන් වූ පුද්ගලයින් 700කට අධික පිරිසක් සහන කඳවුරු 3කට යොමු කෙරුණා.

මේ අතර අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 3කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට එම නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.

Your Comments