“අපේ අනාගත බලාපොරොත්තුව චම්පික” – මහින්ද කියයි

317

වත්මන් ආණ්ඩුවේ අනාගත ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉඟියක් ලබා දුන්නා.

ඒ ඊයේ (11) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වූ අවස්ථාවේ විවාදයකට එක්වෙමින්.

ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට උපදෙස් ලබාදීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමුව කරුණු දක්වා සිටියා.

පසුව හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිය අදහස් දක්වනු ලැබුවා.

ඒ අතරතුරදී ඔහු පවසා සිටියේ “අපේ අනාගත බලාපොරොත්තුව ඇමති චම්පික” යනුවෙන්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ “මම ආපු හැටියේ තුන් බිය නැති කරනවා” යනුවෙනි.

එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා පෙරළා ප්‍රශ්න කරන ලැබුවේ “මොකද්ද තුන් බිය?” යන්නයි.

ඊට පිළිතුරු දෙමින් චම්පික රණවක මහතා සඳහන් කළේ, “මහින්ද, බැසිල්, ගෝඨාභය” යනු තමන් අදහස් කළ එම තුන් බිය බවයි.

එම පිළිතුරට මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිට තිබෙනවා.

Your Comments