“අපේක්ෂකයන් ලබාදුන් පොරොන්දුව”

9

ජනාධිපතිවරණයට අදාළව ප්‍රදර්ශනය කර ඇති ප්‍රචාරක පුවරු ස්වෙච්ඡාවෙන් ඉවත් නොකරන්නේනම් එළඹෙන 7 දා මධ්‍යම රාත්‍රී 12න් පසු සියලු‍ ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිසම පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේ, ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ස්ථාපිත කර ඇති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ, මැතිවරණ කොමිෂන් සභාව හා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්, තරග කිරීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ හා ඇප තැන්පත් කරන ලද නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

Your Comments