අධික වැසි නිසා ගුවන් යානා 4ක් මත්තලට යොමු කෙරේ

7

කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි මගී ගුවන් යානා 4ක් මත්තල ගුවන් තොටුපල වෙත යොමු කර තිබෙනවා.
ඒ, අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.
මේ අතර, අද රාත්‍රී 11.30 තෙක් වලංගු වන පරිදි අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරු-මැද හා බස්නාහිර යන පළාත් සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇති බව සදහන්.
ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති විය හැකි බවයි කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලි දිසානායක මහත්මිය සදහන් කළේ.

මේ අතර මධ්‍යම කදුරයේ ජල පෝෂක ප්‍රදේශ වලට තද වැසි ලැබී තිබෙනවා.
නිවුස් 24 වාර්තාකරු පැවසුවේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශ වලට අද පස්වරුවේ අධික වර්ෂාපතනයක් පැවැති බවයි.
බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය සහ හැටන් යන ප්‍රදේශ වලට ඇති වූ වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශය ජලයෙන් යට වී තිබු බව ද සදහන්.

Your Comments