අධික දුර්ගන්ධය සහිත කුකුල් අපද්‍රව්‍ය තොගයක් හොර රහසේ ප්‍රවාහනය කල ලොරි රථයකට නාඋල – හාඩුව තරුණයන්ගෙන් පාඩමක්
ඉන්දික අරුණ කුමාර - නාඋල

27

මාතලේ, නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හාඩුව ප්‍රදේශයේ පිහිටි කුකුළු ගොවිපලක මැරුණු සතුන් සහ බිත්තර කටු ඇතුලු අපද්‍රව්‍ය තොගයක් එම ප්‍රදේශයේම ස්ථානයක වළදැමීමට සූදානම් වූ අවස්ථාවක ලොරි රථයක් සහ ඒ සඳහා පැමිණි පිරිස් ර‍ඳවා ගැනීමේ පුවතක් වාර්තා වනවා.

මෙම සිදුවීමේ ඊයේ(19) රාත්‍රී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසින් කියා සිටියේ අධික දුර්ගන්ධයක් හමමින් ලොරි රථයක් සිය ගම්මානය හරහා ගමන් කිරිම හේතුවෙන් සිදුකළ සොයා බැලීමක දී මෙම කුකුල් මළකුණු සහිත ලොරිය හමුවු බවයි.

හාඩුව ප්‍රදේශයේ තරුණ පිරිස ලොරිය නවතාගෙන පොලිසියට හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් දැන්වත් කර තිබෙනවා.

ලොරියේ පැමිණි පිරිස් හා හාඩුවෙල ගම්වාසින් අතර උණුසුම් වචන හුවමාරුවක් ද එහිදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

‘අවුරුදු ගානක් තිස්සේ මේ අය මේ වැඩේ කරනවා. ගමේ ඉන්න බෑ බත් ටිකක් කන්න බෑ. දරුවෙක් ගෙදර තියාගන්න බෑ හැමදාම කුකුළ් කොටුවේ ගඳ එනවා. කොච්චර කිව්වත් මේ ගැන කවුරුත් බලන්නේ නැ.‘

ප්‍රදේශවාසින් එක හඩින් සිය ගම්මානයේ පවතින ගැටළුව සම්බන්ධව පැමිණ සිටි නිලධාරින්ට එලෙස කරුණු දක්වා සිටියා.

මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් සහ පොලිසිය මැදිහත් වී අධික දුර්ගන්ධය හමන කුකුලන් පැටවු ලොරිය ප්‍රදේශයෙන් වහා ඉවත් කර ගන්නා ලෙසත්, එම නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ එම මලකුණු වල දැමීමටද පියවර ගැනුණා.

ගම්වාසින් ඉදිරියේ සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටියේ ගම්වාසීන්ගේ ගැටළු සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි.

Your Comments