අධිකරණය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

31

බංකොලොත් දේශපාලනඥයන්ට, අධිකරණය දේශපාලන පාපන්දුවක් කිරීමට ඉඩ දිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මැද කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ඉදිකළ නිවාස 384කින් සමන්විත ලක්හිරු සෙවණ නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රුපියල් මිලියන 1536ක ආයෝජනයෙන් මාළිඟාවත්තේ ඉදිකරන ලද ලක්හිරු සෙවණ මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරයි ජනතා අයිතියට පත් කෙරුණේ.

මහල් 11කින් සමන්විත වන නිවාස සංකීර්ණයේ, එක් නිවසක නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සඳලුතලයක් සහ සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතය.

නිවැසියන්ගේ පහසුව සඳහා විදුලි සෝපාන, ප්‍රජාශාලා සහ අනෙකුත් අංගෝපාංගයන්ගෙන් සමන්විත අතර මෙහි පළමු අදියර යටතේ නිවාස ඒකක 192ක් ජනතා අයිතියට පත් කෙරුණා.

Your Comments